Thursday 28 September 2023

හැඟීමක් ළඟ මොහොතක්


මේ ජීවිතේ අපි දවසින් දවස ඉස්සරහට යද්දී විවිධාකාර මිනිස්සු අපිට මුණගැහෙනවා.

එයින් සමහරෙක් අපේ ජීවිතේම කොටසක් වෙලා නවතිද්දි තවත් සමහරෙක් අතරමගදී නවතිනවා.

සමහර මිනිස්සු අපේ ජිවිතේට ලස්සන මතක එකතු කරද්දි තවත් සමහරු අපේ ජීවිතේට අත්දැකීම් ලබා දෙනවා.

ඉතින් මිත්‍රයා, අනිත්  මිනිස්සු කොහොම වුනත් ඔබ ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන කරුණාවන්ත, ආදරණීය චරිතයක් වන්න. කිසිවිටෙකත් කිසිකෙනෙකුන් නිසා ඔබගේ කරුණාවන්ත, ආදරණීය හදවත තවත් එවැනිම කරුණාවන්ත, ආදරණීය හදවතකට හිමි වීමට තිබෙන අවස්ථාව අහිමි කරගන්න එපා! 

                                                           - පියුමලි ✍️ -

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...