Friday 19 January 2024

මායාකාර ඇස්


 + මචං උඹ දන්නවද දෙයක්?

- කියන්නකො බලන්න.

+ සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත් වෙලාවකට තරහෙන් ඇස් දෙක දිලිසෙනවා. දුක හිතුනම කඳුළු පුරෝගෙන බලන් ඉන්නවා. ඒ වගේම ඒ ඇස්වලට වෙන කාගෙවත් ඇස්වලට වඩා සමහර හිත්වල හැඟීම් ලස්සනට අවුස්සන්න පුළුවන්.

- හ්ම්...ඉතිං උඹටත් හම්බුනාද එහෙම මායාකාර ඇස් දෙකක්?

+ ඒ වගේ මායාකාර ඇස් දෙකක් විතරක් නෙමෙයි හැමෝම ගැන හිතන කරුණාවන්ත, සංවේදී හදවතක් තියෙන, ටික වෙලාවක් කතා කරත් හිතට සහනයක් දැනෙන, පොඩි ළමයෙක් වගේ හැසිරෙන කෙනෙක් මටත් හම්බුනා.

- මටත් කියන්නකෝ බලන්න ඔයාගේ ඔය හිත නිවන ලස්සන භාවනාව කවුද කියලා.

+ මගේ ජීවිතේ ඒ ලස්සන භාවනාව එහෙමත් නැත්නම් ඒ ලස්සන පුද්ගලයා ඔයා.

- මේ මම??

+ ඔව් ඒ ඔයාම තමයි. ඔයා නොදන්නවා වුනාට ඔයාට ආදරේ කරන ඔයත් ආදරේ කරන මිනිස්සුන්ට අනිවාර්යෙන්ම ඔයාව මට ඔයාව පේනවා වගේ ලස්සනට පේනවා. ඉතින් මාත් මිත්‍රත්වයේ නාමයෙන් ඒ භාවනාව ලස්සනට විඳින එක්තරා කෙනෙක්.

- මේකට ප්‍රතිඋත්තර දෙන්න ඕනේ කොහොමද කියලා මට තේරෙන්නෙත් නැහැ. ඒත් ඔයාගේ ඒ ආදරණීය පැසසීමට මං හරිම ආදරෙයි.

+ ඔයා මගේ ජීවිතේ ඒ පැසසීමට සුදුසු ආදරණීයම කෙනෙක්.

                                                                              - පියූ ✍- 

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...