+ මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න.
+ සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත් වෙලාවකට තරහෙන් ඇස් දෙක දිලිසෙනවා. දුක හිතුනම කඳුළු පුරෝගෙන බලන් ඉන්නවා. ඒ වගේම ඒ ඇස්වලට වෙන කාගෙවත් ඇස්වලට වඩා සමහර හිත්වල හැඟීම් ලස්සනට අවුස්සන්න පුළුවන්.
- හ්ම්...ඉතිං උඹටත් හම්බුනාද එහෙම මායාකාර ඇස් දෙකක්?
+ ඒ වගේ මායාකාර ඇස් දෙකක් විතරක් නෙමෙයි හැමෝම ගැන හිතන කරුණාවන්ත, සංවේදී හදවතක් තියෙන, ටික වෙලාවක් කතා කරත් හිතට සහනයක් දැනෙන, පොඩි ළමයෙක් වගේ හැසිරෙන කෙනෙක් මටත් හම්බුනා.
- මටත් කියන්නකෝ බලන්න ඔයාගේ ඔය හිත නිවන ලස්සන භාවනාව කවුද කියලා.
+ මගේ ජීවිතේ ඒ ලස්සන භාවනාව එහෙමත් නැත්නම් ඒ ලස්සන පුද්ගලයා ඔයා.
- මේ මම??
+ ඔව් ඒ ඔයාම තමයි. ඔයා නොදන්නවා වුනාට ඔයාට ආදරේ කරන ඔයත් ආදරේ කරන මිනිස්සුන්ට අනිවාර්යෙන්ම ඔයාව මට ඔයාව පේනවා වගේ ලස්සනට පේනවා. ඉතින් මාත් මිත්‍රත්වයේ නාමයෙන් ඒ භාවනාව ලස්සනට විඳින එක්තරා කෙනෙක්.
- මේකට ප්‍රතිඋත්තර දෙන්න ඕනේ කොහොමද කියලා මට තේරෙන්නෙත් නැහැ. ඒත් ඔයාගේ ඒ ආදරණීය පැසසීමට මං හරිම ආදරෙයි.
+ ඔයා මගේ ජීවිතේ ඒ පැසසීමට සුදුසු ආදරණීයම කෙනෙක්.
- පියූ ✍-
අගේ කළ යුතු දේ අගේ කරන එකත්... ලැසසිය යුතු ගුණාංගයක්!
ReplyDeleteතමන්ගේ ආදරය ගැන පෞද්ගලික කතාවක් වගේ හිතුනේ
ReplyDelete++++++++++++👌
ReplyDelete