Wednesday 17 November 2021

ප්‍රේමය නම්


දිනක් ඔහු 

"ජිවිතේ සමහර දේවල් තියෙනව මචං කලින් ලැබුන නම් හොඳයි කියල හිතෙන" 

එවිට ඇය 

"මොකක් වගේද?"

නැවත ඔහු

"අහන්න එපා"

එවිට ඇය 

"හ්ම්"

ප්‍රේමය යනු හුදෙක් වචන සමූහයකට කොටු වූ දෙයක් නොවන බව පසක් කරමින්

 කාලයා හමුවේ ජිවිතයේ සුන්දරම දේවල්

 හිමි කරගැනීමට වෙර දරනා ජිවිත

 කොපමණ නම් මේ විශ්වයේ ඇති බව

 අප අපගේ මනසට උකහා ගන්නේ නම්

 ප්‍රේමය නම් සීමා මායිමකින් තොරව

 එකිනෙකා කෙරෙහි මුළු සිතම බැඳෙන්නක් බව දිනෙක පසක් වනු නියතය.        

                           _පියුමලී_

31 comments:

  1. ❤️❤️❤️ හරියටම හරි .බලෙන් දනවන්න හදන දෙයක් නෙවෙයි .ප්‍රේමය දැනෙන්නයි ඕනි ❤️❤️❤️😘😘😘😘

    ReplyDelete
  2. ලස්සනයි ❤️❤️❤️

    ReplyDelete
  3. ඔබගේ බ්ලොගය සඳහා අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොළමේ ඉඩක් වෙන් කොට ඇත! එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්‍රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්‍රචාරයක් ලබා දෙන්න!

    ReplyDelete
  4. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොළමවෙතට මාරු කලෙමු. එම කොළම වෙන්කොට ඇත්තේ දුණන් මැවුම් සඳහාය. නොවැම්බරයට පෙර ඔබ බ්ලොගය පටන් ගත් වගක් පෙනී නොයයි! ඔබ වැනි අලුතින් බ්ලොග් ලියන අය සඳහා විශෙෂ අවධානය ලැබීම සඳහා මෙම කොළම සකස් කොට ඇත. එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්‍රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්‍රචාරයක් ලබා දෙන්න!

    ReplyDelete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...