Monday 31 January 2022

කොපි කළ හැකිය; සම කළ නොහැකිය


කොපි කළ හැකි මුත් සම කළ නොහැකිය

මිනිසා උසස් නම් මනසින්

තමන්ගේම පරිකල්පනයක් තිබිය යුතු නොවේ ද?

එසේ තිබේ නම් කොපි කිරීමට ඇති අවශ්‍යතාව  කුමක්ද?

පරිකල්පනයක් නැති තැනැත්තා මිනිසා යන නමට පමණක්
සුදුසු වන්නේ යැයි සිතමි. 

                                                                 -  පියුමලි ✍️

Saturday 29 January 2022

ජීවිතය


සසර නමැති ගමන් මඟෙහි

එක්තරා නැවතුමකි  ජීවිතය; 

තවත් නැවතුම් රාශියකි ඉදිරියට;

සසර නම් කෙළවරක් නැත 

අවබෝධ කරගන්නා තුරු නිවන;

වැඩිය යුතුය කුසල්

නොපමාව;

යහපත් සසරක් 

උදෙසාම. 

                                                         - පියුමලි ✍️ -


ආදරයේ ප්‍රතිමූර්තිය


ජනනියනි ,

ඉඩෝරයට සිසිලසක් ගෙන එන

මහ වර්ෂාව සේ

නුඹද මගේ දිවියට 

සිසිලසක් ගෙන එන

වර්ෂාවක්ම ය.  

                                                               - පියුමලි ✍️ - 

සිතන්නට යමක්


විදුලිය නොමැති

ආහාර ද හිඟ 

දුර්භික්ෂ යුගයකට නැවත පිය නගන්නට 

සිදුවන අද වැනි දිනයක

උගත් පරම්පරාවකට 

රටෙහි දියුණුව උදෙසා කටයුතු කිරීමට

 අතහිත දිය යුතු

කාලයකි  එළඹ තිබෙන්නේ.

                                                      - පියුමලි ✍️ - 

බියුටිකචල්


රතු කර තොල් ලේ උරාබොන 

ඩ්‍රැකියුලෙකුගේ සේ; 

උලා සායම් මුළු මුහුණෙහිම 

ජපන් අභිසරුලියක සේ; 

කැරලි කර කොණ්ඩය 

ක්ෂණික නූඩ්ල්ස් සේ; 

පෙර පෙනුම මොහොතකින් වෙනස් කරන 

මෙය නම්

බියුටිකචල්ම ය. 

                                                          - පියුමලි ✍️ - 

සහෝදර පෙම

 


ගහ මරා ගත්තද

සැමවිට 

එකාට එකා නැතිවම බැරි 

ලොව ඇති

ආදරණීයම බැඳීමකි

සහෝදර පෙම.  

                                                           - පියුමලි ✍️ - 

මැහුම්

 


නූල් පටකින් 

මල්, සත්තු , මිනිස්සු 

මෝස්තර කරනා 

සුන්දර කලාවකි

මැහුම්. 

                                                           - පියුමලි ✍️ - 

ඇස්

 


වචනයෙන් කිව නොහැකි 

හැඟීම් සමුදායක් 

එකට කැටි කොට

එකම බැල්මකින් කිව හැකි

පුදුම විශ්මයජනක 

ආකර්ෂණයකි

මේ  ඇස්. 

                                                     - පියුමලි ✍️ - 

කළු යුවතිය

 


පැහැය නම් නැත 

සුදට සුදේ ,

ඇත කලු පාටක් 

ඔපදමන ලද මැණිකක් මෙන් දිලිසෙන,

සුන්දර නම් නොවිය හැක

සුදු යුවතියක සේ, 

එනමුත් කළු පැහැයට ද ඇත

ලොවක් වසඟ කරන ලස්සනක් 

                                                          - පියුමලි ✍️ - 


Friday 28 January 2022

චිත්‍ර

 


නව ලොවකට මනස මෙහෙයවන 

එකිනෙකට වෙනස් වෙනස් රටා මවන

හැටි 

හරි අපූරු ය

තෙලි තුඩක අසිරිය !

                                                              - පියුමලි ✍️ - 



Thursday 27 January 2022

අභිනික්මන

 


දැක්කෙමි සසර පෙර නිමිති,

වටහා ගත්තෙමි සසර නම් දුකක්ම බව,

පාදා ගත්තෙමි සසරෙන් මිදීමේ මඟක්,

හැරයන්නට සිදුවෙමි සියලු සහෘදයන්,

ඉතින් එබැවින් අභිනික්මන් කරන්නෙමි ලොව සත්ත්වයා උදෙසාම.

                                                                    - පියුමලි ✍️-

Tuesday 18 January 2022

වචන

 


විටෙක මිහිරිය

සිතක් සනසවන සුලුමය; 

විටෙක රුදුරුය

සිතක් රිදවන සුලුමය ;

සැමවිටම සියවරක් නොව දහස් වරක්ම සිතා පැවසිය යුතුමය

Wednesday 12 January 2022

"සොඳුරු අතීතයෙ" ගීතය පිළිබඳ විචාරාත්මක රසවින්දනය


සොඳුරු අතීතයෙ  නිමල පැතුම වී 
 මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමුවෙන්න ඇති...//
 
කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද 
 භවය පුරා ළඟ ඉන්න ඇති 
එදත් මගේ සිත අද මෙන් කැප වී 
 ඔබේ නමට පුද දෙන්න ඇති 

 සොඳුරු අතීතයෙ  නිමල පැතුම වී 
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමුවෙන්න ඇති 

 නොසැලී නොතැවී බාධක හමුවේ 
 ආ හින්දා ජය ගන්න ඇති 
 ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි 
 මේ අයුරින් හමු වෙන්න ඇති 

 සොඳුරු අතීතයෙ  නිමල පැතුම වී 
 මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමු වෙන්න ඇති...// 

         මෙම ගීතය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ අතර ප්‍රකට ගායකයෙකු වූ ටී.එම්.ජයරත්නයන් විසින් ඔහුගේ  භාවමත් හඬින් ගායනා කරන ලදී. 

            මෙම ගීතය පුරාවටම ප්‍රේමය නමැති සුන්දර හැඟීම විස්තර වේ .ප්‍රේමය යනු උත්තරීතර හැඟීමකි.වර්තමාන සමාජයේ  බිහි වෙන බොහෝ ගීත ගුණාත්මකභාවයෙන් අඩු ගීත වන අතර වර්තමානය වන විට ප්‍රේමය යන උත්තරීතර හැඟීමද සමාජය තුළ වැරදි ආකාරයකට හංවඩු ගැසී ඇත. 

              ටී.එම්. ජයරත්නයන් විසින් තම ගීතය ආරම්භ කරනුයේ, 
 
 "සොඳුරු අතීතයේ නිමල පැතුම වී 
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමුවෙන්න ඇති...// "

 යන ආකාරයෙනි. ප්‍රේමයේ තිබෙන පිරිසිදුභාවය ගායකයා විසින් "නිමල පැතුම වී" යන වචන හරඹයන් තුළින් අර්ථවත් කෙරෙයි. ටී.එම්.ජයරත්නයන් විසින්  මේ පද හරඹයන් ඉතාමත් සුන්දර ආකාරයකට හසුරුවමින් ආදරණීය යුවලක් තම ආදරය රැකගෙන කාලයක් පුරාවට එකිනෙකාගේ වීමට පෙරුම් පුරා අවසානයේ ඒ ආදරයේ නිමල බව, අවංකභාවය හේතුවෙන්ම ඔවුන්ගේ එකතු වීම සනිටුහන් කරන අයුරු අර්ථ නිරූපණය වේ. 

             ප්‍රේමය හුදෙක්ම සතුට තුළින් පමණක් ගෙවෙන්නක් නොවෙයි.ප්‍රේමය ගලායාම තුළ සතුට මෙන්ම දුක ද සමානය.නමුත් ජීවිතයේ කුමන දේ සිදු වුවත් සිත එක් අයකු කෙරෙහි කැප වී තිබේ නම් කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද තම ප්‍රේමය ජය ගත හැකි බව ටී.එම්. ජයරත්නයන් විසින් 

 "කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද 
 භවය පුරා ළඟ ඉන්න ඇතී 
 එදත් මගේ සිත අද මෙන් කැප වී 
 ඔබේ නමට පුද දෙන්න ඇති" 

 යන ආකාරයෙන් හදවතට දැනෙන වචන සමූහයකින් ගායනා කරනු ලැබෙයි. 

 "නොසැලි  නොතැවී බාධක හමුවේ 
 ආ හින්දා ජය ගන්න ඇතී 
 ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි 
 මේ අයුරින් හමු වෙන්න ඇති "

    යන පද හරඹයන් තුළින් ප්‍රේමය යනු ආත්මීයගත බැඳීමක් බව සහ ආදරණීය යුවලක් කුමන බාධක පැමිණියත් එම බාධක සියල්ලම ජයගෙන ආත්මගතව පතාගෙන පැමිණියාක් මෙන් හමුවන ආකාරය ගායකයා විසින් චිත්තරූපී ආකාරයකට ගායනා කරනු ලැබෙයි.       
                   මෙම සමස්ත නිර්මාණය තුලම ප්‍රේමය පිළිබඳ ඉතාම රමණීය හැඟුමන් විස්තර කෙරෙයි. සැබවින්ම ප්‍රේමය යනු නිශ්චිත අර්ථකථනයක් දියහැකි හැඟීමක් නොවේ. කොපමණ  බාධක දුක් පැමිණිය ද ප්‍රේමය වෙනුවෙන් ඒ සියල්ලම දරා ගැනීමේ මානසික මෙන්ම කායික ශක්තිය ද අප සතුය. යම් අයෙක් තවත් අයෙකුට ප්‍රේම කරන්නේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් බාධක ජයගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් දෙදෙනාම දෙදෙනාම වෙනුවෙන් කැප වී සිටින්නේ නම් යම් දිනෙක සොබාවදහම විසින්ම ඔවුන්ගේ එකතුවීමක් සනිටුහන් කරන බව මෙම නිර්මාණය තුළින් මනාව අර්ථ නිරූපණය කර තිබේ. 
   
              වර්තමාන ගීත අතරෙන් ප්‍රේමය පිළිබඳ පවසන ගීතයන්ට වඩා දශක ගණනාවකට පෙර නිර්මාණය වූ මෙම ගීතය තුළින් ප්‍රේමය පිළිබඳ සංකල්පරූපමය, හදවතට ආමන්ත්‍රණය කරන, අලංකාරමය, භාවාත්මක ස්වරූපයක් පිළිබිඹු   වෙයි.

Thursday 6 January 2022

මහ මුහුද

 


ආදරණීය මහ මුහුද , 

නුඹ අපෙන් අපේ ආදරණීයයන් ඈත් කොට දැන් වසර දහහතක් ගෙවි ගොස්

අයදින්නම් නුඹෙන් තවත් නම්  වෙස් පෙරලන්නට එපා ප්‍රේමණීයයන්ගෙන් ප්‍රේමණීයයන් වෙන්කරන රුදුරු  රකුසෙකු බවට  

ඉතිං වෙයන්  ආදරණීය නවාතැනක් ඉඳහිට හෝ ඇවිත් නුඹව දැක බලා මොහොතකට හෝ  වැළඳගෙන යාමට හැකි

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...