Tuesday 23 November 2021

ඔහු


සියුමැලි නම් නොවේ සිත ගැහැණියක මෙන්
ඇස් අස්සේ ගුලිකරගත් හැඟීම් දහසක්ය ඔහුට
නැත අවසර සමාජයෙන් ඔහුට හඬා වැටීමට ගැහැණියක මෙන්
එසේ නම් කුමක් කරන්නද ඔහු සඟවා ගනු මිසක් තම සිතුවිලි තම සිත පත්ලෙහිම
විටෙක ඔහු රළුය; දැඩිය එනමුදු ගැහැණිය සේම හැඟීම් දැනීම් ඇත්තෙක්ය
ගැහැණිය සේම ඔහුද මිනිසෙකි
ඔහු නම් සමස්ත පිරිමියාය 

                                    _පියුමලි_

Wednesday 17 November 2021

ප්‍රේමය නම්


දිනක් ඔහු 

"ජිවිතේ සමහර දේවල් තියෙනව මචං කලින් ලැබුන නම් හොඳයි කියල හිතෙන" 

එවිට ඇය 

"මොකක් වගේද?"

නැවත ඔහු

"අහන්න එපා"

එවිට ඇය 

"හ්ම්"

ප්‍රේමය යනු හුදෙක් වචන සමූහයකට කොටු වූ දෙයක් නොවන බව පසක් කරමින්

 කාලයා හමුවේ ජිවිතයේ සුන්දරම දේවල්

 හිමි කරගැනීමට වෙර දරනා ජිවිත

 කොපමණ නම් මේ විශ්වයේ ඇති බව

 අප අපගේ මනසට උකහා ගන්නේ නම්

 ප්‍රේමය නම් සීමා මායිමකින් තොරව

 එකිනෙකා කෙරෙහි මුළු සිතම බැඳෙන්නක් බව දිනෙක පසක් වනු නියතය.        

                           _පියුමලී_

Friday 5 November 2021

ලේබල් ජීවිත


 දියඇල්ලකින් ගත් දිය දෝතක් 

බෝතලයකට දමා ලේබල් කරන්නා සේ 

අපද දිනෙන් දින  අපගේ ජීවිත 

ලේබල් කරන්නේ

මවක් පියෙක් වෘත්තිකයෙක් 

යනුවෙන් දසදහස් ගණනක වචන 

උපයුක්තයෙනි 

එනමුත් අත්‍යයන්තයෙන්ම අප කළ යුත්තේ 

අපගේ ලේබල් කරගත් බෝතල නමැති ජීවිත 

ලේබලයෙන් මුදා 

දියඇල්ලෙහි මුලු දිය දහරෙහිම ආශ්වාදය විඳ 

ගැනීම නොවේ ද?

                                                               පියුමලී 

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...