කිඳුරු වරලක හිමිකාරියක වී දිය කිඳුරියක වෙස් ගෙන
මුහුදු පතුලෙහි ගැඹුරටම කාවැදී
සුන්දරත්වය අත් විඳීමට
මටත් තියෙනවා ආශාවක්
හුදෙක් හීනයක්ම පමණක් වන...
- පියුමලි ✍️ -
එක්තරා නැවතුමකි ජීවිතය;
තවත් නැවතුම් රාශියකි ඉදිරියට;
සසර නම් කෙළවරක් නැත
අවබෝධ කරගන්නා තුරු නිවන;
වැඩිය යුතුය කුසල්
නොපමාව;
යහපත් සසරක්
උදෙසාම.
- පියුමලි ✍️ -
ඉඩෝරයට සිසිලසක් ගෙන එන
මහ වර්ෂාව සේ
නුඹද මගේ දිවියට
සිසිලසක් ගෙන එන
වර්ෂාවක්ම ය.
- පියුමලි ✍️ -
ආහාර ද හිඟ
දුර්භික්ෂ යුගයකට නැවත පිය නගන්නට
සිදුවන අද වැනි දිනයක
උගත් පරම්පරාවකට
රටෙහි දියුණුව උදෙසා කටයුතු කිරීමට
අතහිත දිය යුතු
කාලයකි එළඹ තිබෙන්නේ.
- පියුමලි ✍️ -
ඩ්‍රැකියුලෙකුගේ සේ;
උලා සායම් මුළු මුහුණෙහිම
ජපන් අභිසරුලියක සේ;
කැරලි කර කොණ්ඩය
ක්ෂණික නූඩ්ල්ස් සේ;
පෙර පෙනුම මොහොතකින් වෙනස් කරන
මෙය නම්
බියුටිකචල්ම ය.
- පියුමලි ✍️ -
+ මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...