Friday 5 November 2021

ලේබල් ජීවිත


 දියඇල්ලකින් ගත් දිය දෝතක් 

බෝතලයකට දමා ලේබල් කරන්නා සේ 

අපද දිනෙන් දින  අපගේ ජීවිත 

ලේබල් කරන්නේ

මවක් පියෙක් වෘත්තිකයෙක් 

යනුවෙන් දසදහස් ගණනක වචන 

උපයුක්තයෙනි 

එනමුත් අත්‍යයන්තයෙන්ම අප කළ යුත්තේ 

අපගේ ලේබල් කරගත් බෝතල නමැති ජීවිත 

ලේබලයෙන් මුදා 

දියඇල්ලෙහි මුලු දිය දහරෙහිම ආශ්වාදය විඳ 

ගැනීම නොවේ ද?

                                                               පියුමලී 

14 comments:

  1. /අපගේ ලේබල් කරගත් බෝතල නමැති ජීවිත

    ලේබලයෙන් මුදා

    දියඇල්ලෙහි මුලු දිය දහරෙහිම ආශ්වාදය විඳ

    ගැනීම නොවේ ද? /

    අදහස බෝතල් කරලා තියන හැටි හරිම අපූරුයි! 💚💚💚

    ReplyDelete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...