Tuesday 23 November 2021

ඔහු


සියුමැලි නම් නොවේ සිත ගැහැණියක මෙන්
ඇස් අස්සේ ගුලිකරගත් හැඟීම් දහසක්ය ඔහුට
නැත අවසර සමාජයෙන් ඔහුට හඬා වැටීමට ගැහැණියක මෙන්
එසේ නම් කුමක් කරන්නද ඔහු සඟවා ගනු මිසක් තම සිතුවිලි තම සිත පත්ලෙහිම
විටෙක ඔහු රළුය; දැඩිය එනමුදු ගැහැණිය සේම හැඟීම් දැනීම් ඇත්තෙක්ය
ගැහැණිය සේම ඔහුද මිනිසෙකි
ඔහු නම් සමස්ත පිරිමියාය 

                                    _පියුමලි_

7 comments:

  1. ලස්සනයි.....❤️❤️

    ReplyDelete
  2. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    මෙරට පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...