Wednesday 12 January 2022

"සොඳුරු අතීතයෙ" ගීතය පිළිබඳ විචාරාත්මක රසවින්දනය


සොඳුරු අතීතයෙ  නිමල පැතුම වී 
 මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමුවෙන්න ඇති...//
 
කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද 
 භවය පුරා ළඟ ඉන්න ඇති 
එදත් මගේ සිත අද මෙන් කැප වී 
 ඔබේ නමට පුද දෙන්න ඇති 

 සොඳුරු අතීතයෙ  නිමල පැතුම වී 
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමුවෙන්න ඇති 

 නොසැලී නොතැවී බාධක හමුවේ 
 ආ හින්දා ජය ගන්න ඇති 
 ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි 
 මේ අයුරින් හමු වෙන්න ඇති 

 සොඳුරු අතීතයෙ  නිමල පැතුම වී 
 මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමු වෙන්න ඇති...// 

         මෙම ගීතය රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ අතර ප්‍රකට ගායකයෙකු වූ ටී.එම්.ජයරත්නයන් විසින් ඔහුගේ  භාවමත් හඬින් ගායනා කරන ලදී. 

            මෙම ගීතය පුරාවටම ප්‍රේමය නමැති සුන්දර හැඟීම විස්තර වේ .ප්‍රේමය යනු උත්තරීතර හැඟීමකි.වර්තමාන සමාජයේ  බිහි වෙන බොහෝ ගීත ගුණාත්මකභාවයෙන් අඩු ගීත වන අතර වර්තමානය වන විට ප්‍රේමය යන උත්තරීතර හැඟීමද සමාජය තුළ වැරදි ආකාරයකට හංවඩු ගැසී ඇත. 

              ටී.එම්. ජයරත්නයන් විසින් තම ගීතය ආරම්භ කරනුයේ, 
 
 "සොඳුරු අතීතයේ නිමල පැතුම වී 
මගෙ හද තුළ ඔබ ඉන්න ඇති 
 ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි 
 ආදරයෙන් හමුවෙන්න ඇති...// "

 යන ආකාරයෙනි. ප්‍රේමයේ තිබෙන පිරිසිදුභාවය ගායකයා විසින් "නිමල පැතුම වී" යන වචන හරඹයන් තුළින් අර්ථවත් කෙරෙයි. ටී.එම්.ජයරත්නයන් විසින්  මේ පද හරඹයන් ඉතාමත් සුන්දර ආකාරයකට හසුරුවමින් ආදරණීය යුවලක් තම ආදරය රැකගෙන කාලයක් පුරාවට එකිනෙකාගේ වීමට පෙරුම් පුරා අවසානයේ ඒ ආදරයේ නිමල බව, අවංකභාවය හේතුවෙන්ම ඔවුන්ගේ එකතු වීම සනිටුහන් කරන අයුරු අර්ථ නිරූපණය වේ. 

             ප්‍රේමය හුදෙක්ම සතුට තුළින් පමණක් ගෙවෙන්නක් නොවෙයි.ප්‍රේමය ගලායාම තුළ සතුට මෙන්ම දුක ද සමානය.නමුත් ජීවිතයේ කුමන දේ සිදු වුවත් සිත එක් අයකු කෙරෙහි කැප වී තිබේ නම් කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද තම ප්‍රේමය ජය ගත හැකි බව ටී.එම්. ජයරත්නයන් විසින් 

 "කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද 
 භවය පුරා ළඟ ඉන්න ඇතී 
 එදත් මගේ සිත අද මෙන් කැප වී 
 ඔබේ නමට පුද දෙන්න ඇති" 

 යන ආකාරයෙන් හදවතට දැනෙන වචන සමූහයකින් ගායනා කරනු ලැබෙයි. 

 "නොසැලි  නොතැවී බාධක හමුවේ 
 ආ හින්දා ජය ගන්න ඇතී 
 ආත්ම ගනනේ පුරුදු ලෙසින් අපි 
 මේ අයුරින් හමු වෙන්න ඇති "

    යන පද හරඹයන් තුළින් ප්‍රේමය යනු ආත්මීයගත බැඳීමක් බව සහ ආදරණීය යුවලක් කුමන බාධක පැමිණියත් එම බාධක සියල්ලම ජයගෙන ආත්මගතව පතාගෙන පැමිණියාක් මෙන් හමුවන ආකාරය ගායකයා විසින් චිත්තරූපී ආකාරයකට ගායනා කරනු ලැබෙයි.       
                   මෙම සමස්ත නිර්මාණය තුලම ප්‍රේමය පිළිබඳ ඉතාම රමණීය හැඟුමන් විස්තර කෙරෙයි. සැබවින්ම ප්‍රේමය යනු නිශ්චිත අර්ථකථනයක් දියහැකි හැඟීමක් නොවේ. කොපමණ  බාධක දුක් පැමිණිය ද ප්‍රේමය වෙනුවෙන් ඒ සියල්ලම දරා ගැනීමේ මානසික මෙන්ම කායික ශක්තිය ද අප සතුය. යම් අයෙක් තවත් අයෙකුට ප්‍රේම කරන්නේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් බාධක ජයගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් දෙදෙනාම දෙදෙනාම වෙනුවෙන් කැප වී සිටින්නේ නම් යම් දිනෙක සොබාවදහම විසින්ම ඔවුන්ගේ එකතුවීමක් සනිටුහන් කරන බව මෙම නිර්මාණය තුළින් මනාව අර්ථ නිරූපණය කර තිබේ. 
   
              වර්තමාන ගීත අතරෙන් ප්‍රේමය පිළිබඳ පවසන ගීතයන්ට වඩා දශක ගණනාවකට පෙර නිර්මාණය වූ මෙම ගීතය තුළින් ප්‍රේමය පිළිබඳ සංකල්පරූපමය, හදවතට ආමන්ත්‍රණය කරන, අලංකාරමය, භාවාත්මක ස්වරූපයක් පිළිබිඹු   වෙයි.

9 comments:

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...