Friday 16 September 2022

ඉතින් අපිත් විඳිමුද ජීවිතේ 😉❤️


ජීවිතේ කියන්නේ අපි විසින්ම සංකීර්ණ කරගත්ත ඒත් අපි හිතනවාට වඩා සරල දෙයක්. කතාවකුත් තියෙනවා නේ ජීවිතේ 10%ක් අපිට වෙන දේවල් සහ 90%ක් අපි ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන විදියත් කියල. සමහර මිනිස්සු ආදර ප්‍රශ්න නිසා දුක් විඳිනවා, තවත් සමහරු එදිනෙදා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන ගැටළුවට මැදි වෙලා ඉන්නවා. අද නම් මම ලියන්න යන්නේ පළවෙනි කාරණේ ගැන. මට මේක ලියන්න ඕනේ කියලා හිතුනේ මම පෞද්ගලිකව ආශ්‍රය කරන මගේ යාළුහිතමිත්‍රාදීන් මාත් එක්ක බෙදා ගන්න අත්දැකීම් නිසා.

ආදරය කියන්නේ ජීවිතය ඇතුලේ එක කොටසක්. ඒත් අපි අපේ දෙමාපියන්ගෙන් පස්සේ අපේ ජිවිතයට එකතුවෙන විශේෂ චරිතය ඒ කියන්නේ පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරය මතම යැපෙන්න ගන්නවා. ඒ ආදරය අහිමි වුනොත් එදාට ජීවිතය නැති කරගන්න තැනට පත් වෙනවා.
ඒත් අපි හිතන්නේ නැති එක කාරණයක් තමයි ඇයි අපි නැතිව ඒ කෙනාට ඉන්න පුළුවන් නම් අපිට බැරි කියලා. ඇත්තටම මනුෂ්‍ය ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරන්න ඕන කියලා බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා නේ. ඉතින් ඇයි අපි අපේ මේ ජීවිතේ තව කෙනෙකු නිසා නැති කරගන්නේ? අපිට ලැබුණු මේ මනුෂ්‍ය ජීවිතය අපි අපි වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. අපි කැමති දේවල් කරන්න, අපිට ආදරය කරන අපි වෙනුවෙන් අපේ ළගින් ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙන්න පුරුදු වුනාම ජීවිතේ අපි හිතනවාට වඩා ලස්සන වෙනවා.  අපි අපිටම ආදරය කරන්න පටන් ගත්තම අපි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තම අපේ ජීවිතයට ඉබේම ලස්සන මිනිස්සු , ලස්සන මතක, අත්දැකීම් එකතු වෙනවා. අපි වෙනුවෙන් ජීවත් වෙනවා කියලා කිව්වේ ආත්මාර්ථකාමීව ජීවත් වෙන එකට නම් නෙමෙයි. අපි ගොඩාක් දේවල් ගැන ධනාත්මකව හිතන්න ගත්තොත් ජීවිතේ ලස්සනට විඳින්න අපිටත් පුළුවන්. ජීවිතේ කියන්නේ මොකක් ද කියලා හරියට තේරුම් ගෙන අපි වටේ ඉන්න මිනිස්සු එක්ක ආදරයෙන් සතුටින්  ජීවත් වෙනවා නම් ජීවිතේ ප්‍රශ්න ගොඩාක් අඩුවෙයි. 

ඉතින් යාළුවනේ මේ අදහස  මම දකින දෘෂ්ටිකෝණයෙන් තමයි කිව්වේ. ඔයාලාගෙත් අදහස් පහළින් සඳහන් කරන්න. ඉතින් අපිත් මේ ජීවත්වෙලා ඉන්න ටික කාලයේ ජීවිතේ සංකීර්ණ කරගන්නේ නැතුව එකිනෙකාට උදව් කරගෙන, ගෞරව කරගෙන අපේ ජිවිතේ අපි වෙනුවෙන් ලස්සනට විඳින්න; ජීවත් වෙන්න  උත්සාහ කරමු! 

                                                            - පියුමලි ✍️ - 

6 comments:

  1. ජීවිතේ 10%ක් අපිට වෙන දේවල් සහ 90%ක් අපි ඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන විදිහ// මතකෙන් දුරස්වෙලා තිබ්බ හොඳ කතාවක් නැවත මතක් කරාට ස්තූතියි.

    ඔයා හරි පරිකල්පනා.... ජීවිතේ විඳිනවද විඳවනවද කියලා සමහර සිදුවීම් එක්ක හිතෙන්න ගන්නවා. සම්මතේ පොඩ්ඩක් පැත්තකින් තියල ඔලුව නිදහස් කරගන්න පුළුවන් නම් මිනිස්සු... ජීවිතේ විඳින්න, අනෙකාට සුහද වෙන්න වැඩි වැඩිය හුරු වෙයි.

    දිගටම ලියන්න...✍️👍

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. අපි අතේම තමයි අපේ ජීවිතේ, සතුට රැඳිලා තියෙන්නේ. කවදහරි දවසක ආපස්සට හැරිලා අපේ ජීවිතේ ගැන සතුටු වෙන්න පුළුවන් නම් අපි එතන තමයි හරියටම ජීවිතේ දිනලා තියෙන්නේ.

      Delete
  2. ජීවත් වෙන්නෙ කන්නයි සමහරු හොඳට
    සමහර අය කන්නේ ජීවත් වෙන්ට
    කොයිකේ වුණත් ජීවිතයම විඳ ගන්ට
    හැඩ ගැහුණොත් - හැකි දිවියම ජය ගන්ට!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නිදි❤️

      Delete
  3. නමිය කියපු නිසා ඇවිත් ගියා. ආපහු නිවීහැනේ කියවන්න එන්නං.

    ෆලොවර්ස් ගැජට් එක දාන්න. අපට ලේසියෙන් ෆලෝ කරන්න පුළුවන් එතකොට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඩ්‍රැකී. බොහොම ස්තුතියි 💫

      Delete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...