Wednesday 18 January 2023

ඔයාත් මෙහෙම කෙනෙක්ද?

 





 ජීවිතේ ගැටගහගන්න දවස තිස්සේ එහාට මෙහාට       දුවනකොට;
ජීවිතේ එපාම කරපු දවස් අස්සේ අමාරුවෙන් හරි  ජීවත් වෙන්න උත්සාහ කරනකොට;
මැරෙන්නම හිතෙන දවස් ජීවිතේට  එනකොට;
එහෙම හිතෙන හැමවෙලාවෙම 
ඔයාත් වචනයකින් හරි තවත් කෙනෙකුට උදව් කරන මනුස්සයෙක් නම් 
තවත් මනුස්සයෙක්ට ඉවසිලිවන්තව ඇහුම්කන් දීලා දිරිමත් කරන මනුස්සයෙක් නම් 
කවුරු ඔයා ගැන ආඩම්බර නොවුනත්,
සතුටු නොවුනත් 
ඔයා ඔයා ගැන ආඩම්බර වෙන්න, 
සතුටු වෙන්න.
මොකද තවත් මනුස්සයෙක්ට ඇහුම්කන්  දීමේ, වචනයකින් හරි උදව් කිරීමේ 
කලාව 
මේ ලෝකයේ හැම මනුස්සයෙක්ටම පිහිටලා නැහැ. 
තමන් ගැන ඒ නිහතමානී ආඩම්බරය, සතුට 
තියාගෙන 
හිතින් වැටෙන හැමවෙලාවෙම, 
ඇහුම්කන් දෙන්න කවුරුත් නැති හැමවෙලාවෙම
ඔයා ඔයාවම මෝටිවේට් කරගන්න. 
ඔයාගේ සතුට තවත් කෙනෙක් මත තියන්නේ නැතුව ඔයාගේ සතුට ඔයාම හොයාගන්න, 
ඔයා ඔයාගේම ඉවසිලිවන්ත ඇහුම්කන්දෙන්නා වෙන්න!
                                                                   
                                                                           - පියුමලි ✍️ - 

4 comments:

  1. ලස්සන අදහස් ටිකක්... මිටට ගොනු කරල !
    ඔව්. අපි අපිටත්, මං මටත් ඇහුම්කන් දීම අවශ්‍යමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නමියගෙ වීදිය! අනිවාර්යයෙන්ම. අපි හැමෝම හොඳ ඇහුම්කන්දෙන්නෙක් වෙනවනම් මේ සමාජේ මීටත් වඩා ලස්සන වෙන්න තිබ්බා.

      Delete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...