Sunday 27 August 2023

පණිවුඩය


කාලෙකට පස්සේ ලියන්න හිතුනේ මා හොඳින්ම දන්නා කියන පුද්ගලයෙකුගෙන් ලැබුණු කෙටි පණිවිඩයකින් ඇරඹුණු  සංවාදයක් නිසා.

මෙම පුද්ගලයාගේ පැනය වූයේ තමන් තුළ තියෙන වැරදි පුරුදු කිහිපයක් නැති කරගන්නෙ කොහොමද කියලා. ඔහු සඳහන් කරන ආකාරයට ඔහුගේ එම පුරුදු වැරදි බව ඔහු දන්නා නමුත්  ඔහුට එය නවත්වා ගත නොහැකිය. 

ඒ සම්බන්ධයෙන් මම එම පුද්ගලයාට දුන්න පිළිතුර වන්නේ එම වැරදි පුරුදු වෙනුවට තමා තුළ හොඳ පුරුද්දක් වර්ධනය කරගන්නා ලෙසට වගේම නරක පුරුද්දක් කිරිමෙන් එයින් ඇති වන ප්‍රතිඵලය පිළිබඳ නැවත නැවත සිතා බලන ලෙසයි.

එම පුද්ගලයා නැවතත් පවසන ආකාරයට තමා සතුව තිබෙන වැරදි පුරුදු විශාල වෑයමක් දරා නවත්වා ගන්නා නමුත් එම පුද්ගලයාට එය අපහසුවක් ලෙස දැනෙන බවයි. එමෙන්ම නිවරදි මාර්ගය කුමක්ද යන්නත් සොයා ගැනීමට නොහැකි බව මෙම පුද්ගලයා පවසයි.  

එම පුද්ගලයාගේ එම පැනයට මා විසින් ලබාදුන් පිළිතුර වන්නේ ඔහුට එම වැරදි පුරුද්ද එකවර නතර කිරීමට අවශ්‍ය නොවන බවත් ටිකෙන් ටික එම පුරුද්ද නතර කිරීමට හැකි බවත් ඒ සඳහා තමාගේ මනස පුහුණු කළ යුතු බවයි. එමෙන්ම මා තවදුරටත් එම පුද්ගලයාට සඳහන් කළේ තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් තුළ හොඳ ප්‍රතිපත්තියක් ඇති කරගන්නේ නම් මෙන්ම කිසි විටෙක කිසිම කෙනෙක් නිසා තමාගේ ජීවිතයට හොඳක් වන එම ප්‍රතිපත්ති නැති කරගන්න එපා යනුවෙනි. 

එම පුද්ගලයා නැවත මගෙන් අහනවා එයා ඒ පුරුද්ද මගහැර ගන්න උත්සාහ කරත් එය ස්වභාවික ප්‍රවාහයට විරුද්ධ වීමක් ලෙස හැඟෙන බවයි. 

එයට පිළිතුරු ලෙස මම පැවසූයේ එය එසේනම් එම වැරදි  පුරුද්දට යොමුවීමට පෙර එම පුද්ගලයා තුළ පැවතුණු ස්වාභාවික ප්‍රවාහයට ද එම පුද්ගලයා විරුද්ධ වී ඇති බවයි. එමෙන්ම මා තවදුරටත් එම පුද්ගලයාට සඳහන් කළේ තමා සතුව තිබෙන යම් පුරුද්දක් තමාට අපහසුවක් ගෙන දෙන්නක් නම් සැබැවින්ම එය තමන්ගේ යටි සිත විසින් ප්‍රතික්ෂේප කරන නමුත් උඩු සිත විසින් පිළිගන්නා ආකාරයක මිත්‍යාවක් විය හැකි බවයි. 

ඊළඟට එම පුද්ගලයා මගෙන් අහන්නේ කෙනෙක්ට ආදරේ කරන එක යම්කිසි වෑයමක් දරා කරන්න ඕන දෙයක් ද එහෙමත් නැත්නම් ඒකත් ස්වභාවිකව ඇති වෙන දෙයක් ද කියලා. 

ඒ සම්බන්ධයෙන් මගේ අදහස නම් වුණේ එය ස්වභාවික  ඇති වන්නක් බවයි. 

එම පුද්ගලයාද මාගේ අදහසට එකඟ වූ අතර එම ම පුද්ගලයා අවසාන වශයෙන් පැවසුවේ තමා විසින්ම විසින්ම ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට වඩා එයට තවත් කෙනකුගේ දර්ශනයක් එකතු වීම එම ප්‍රශ්නය වඩාත් හොඳින් විසඳාගැනීමට හේතුවක් වන බවයි. 

මෙම සංවාදය හරහා මට ඔයාලට දෙන්න ඕනෙ පණිවිඩය උනේ ලෝකයේ මිනිස්සු ලෝකය දකින්නේ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් වුණත් තවත් මනුස්සයෙකුගේ ජීවිතයක් යහපත් ආකාරයෙන් වෙනස් කිරීමට යහපත් සහ ධනාත්මක සිතිවිලි ඇති හොඳ ඇහුම්කන්දෙන්නෙක්ට; දිරිගන්වන්නෙක්ට හැකියාව පවතින බවයි. ඉතින් ඔයාලත් හොඳ ඇහුම්කන්දෙන්නෙක්; දිරිගන්වන්නෙක් වන්න

                                                                  - පියුමලි ✍️ -

4 comments:

  1. හ්ම්. ඇහුම්කන්දීම... හැමෝලඟම තිබියයුතු හොද ගුණාංගයක්!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. හොඳ ඇහුම්කන්දීමකින් මනුස්සයෙක්ගේ ජිවිතය හොඳ අතට හරවන්නත් හැකියාව තියෙනවා.

      Delete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...