Wednesday 15 March 2023

කැමරිට


-"පියූ උඹ කාලද ඉන්නේ? රෑට කෑම ගත්තද ?රෑ වෙන්න       කලින් කෑම අරගෙන වරෙන් 

- පියූ අද මම උඹේ බෝඩිමට එනවා අපි රෑට හොදට කාලා    ෆිල්ම් එකක බලමු හොදද?

- අනේ බන් පියූ මං ස්පෙෂල් කරන්න ඉදියේ මේ සබ්ජෙක්ට් එක නෙවෙයි බං. උඹ මාත් එක්ක ඉන්නව නේද මට මේක ගොඩදාගන්න උදව් කරනවා නේද?

- පියූ උඹ හොදින් නේද ඇයි අද ලෙක්චර්ස් ආවේ නැත්තේ?

- පියූ උඹ තනියමද යන්නේ ඉදපන් මාත් එන්නම් ජීම්     හන්දිය ළග ඉදපන්

- ඒ බං හෙලබොජුනෙන් කාලා ප්ලේන්ටියක් ගහමු.

- පියු මට අද මාර අවුල් බං උඹව විතරයි මට විශ්වාස කරලා හැමදේම කියන්න පුළුවන්.

- පියූ ආදරෙයි උඹට"

එකී මෙකී කතා, ප්‍රශ්න, දුක, සතුට හැමදේම බෙදාගෙන ආපු අපේ යාළුකමට අවුරුද්දකුත් වෙලා බං. මෙච්චර කාලයක් හිටියා වගේ ඉස්සරහටත් උඹත් එක්ක ඉන්නවා. ගොඩාක් ස්තුතියි මාත් එක්කම ඉන්නවට. මාත්  ආදරෙයි ජායාරූපයේ ඉදිරියෙන්  සිටින කටකාර උඹට.

හොදම විදියට මේක ලියලා නැති වුනත් මේක ලියන්නම ඕන කියලා හිතුනා. ඉතින් මේක ආදරෙන් මගෙන් (ටිටීගෙන්) අපේ ටුටූට❤ 
(දැන් ඉතින් මං ඔයාට ආදරේට කියන නම හැමෝම දන්නවා😁🤭) 

                                                                       - පියුමලි ✍️ -

9 comments:

  1. ඒ ඒ යාලුකම් ❤️ ඇත්තටම වටිනවා

    ReplyDelete
  2. හැමෝටම ලැබෙන්න, ලබන්න, වාසනාවක් තියෙන්න ඕනේ
    හොඳ හදවතක්..
    හිනා වෙන්න, අඬන්න, රණ්ඩු වෙන්න,
    නවතින්න හේතු අහන්නෙ නැති හොද හදවතක්...
    අහම්බයකින් මටත් ලැබුනා හරි ලස්සනට .. පිළිවෙළට නඩත්තු කරන එහෙම හදවතක්..
    පියූ..
    පරිස්සම් කරගන්නම ඕනේ මතකයන් තියෙන
    හරි ලස්සන බැඳීමක්....❤

    ReplyDelete
    Replies
    1. ටුටූ🥺 අවුරුද්දක් විතර පොඩි කාලෙකින් අපි එකතු කරගත්ත මතකවලින් හොදම මතක තියෙන්නේ හොදම යාළුවොත් එක්ක ගත කරපු දවස්වල. ජීවිතේ ඉස්සරහටත් අපිට හිනා වෙන්න, අඩන්න, රණ්ඩු වෙන්න නවතින්න හේතු අහන්නේ නැතිවම අපි ළග නවතින්න මේ යාළුකම තවත් ආදරණීය, ශක්තිමත් වෙන්න මතක ගොඩාක් එකතු කරගන්න අපි අපි එක්කම ඉන්න ඕන.❤️😘

      Delete

මායාකාර ඇස්

  + මචං උඹ දන්නවද දෙයක්? - කියන්නකො බලන්න. + සමහර මායාකාර ඇස් තියෙනවා මුළු හිතම නිවන්න පුළුවන්. ඒ ඇස් වෙලාවකට ආදරණීයයි, වෙලාවකට හුරතල් තවත...